නිමල් රාජපක්ෂ
කටුනායක ගුවන් තොටුපලේදී 29 හා 30 යන දෙදින කල පරික්ෂාවන්හිදී ග්‍රීන් චැනලය ඹස්සේ ගමන් කල විදේශිකයින් 16 දෙනෙකුගේ හා මගීන් 18 දෙනකුගේ ගමන් මලු 27 පරික්ෂා කිරීමේදි ඉතා සුක්ෂම අන්දමින් සගවා තිබු රුපියල් මිලියන 31.38 ක් වටිනා විදේශීය සිගරැට් තොගයක් අත්අඩංගුවට ගනෙ ඇත.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ සිගරැට් කාටුන් 1046 ක් රේගු භාරයට ගෙන ඇත.
අදාල භාණ්ඩ රාජසන්තක කිරිමට නියෝග කර ඇති අතර රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.
