දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමෙන් අදාල පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ අද (21) අලුයම 5.30ට පමණය.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි..
වෙඩිතැබීම කවුරුන් සිදුකළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැතිබව පොලීසිය පවසයි..
