නිමල් රාජපක්ෂ –
වෙසක් පොහෝ දින සියළුම සුරාසැල් වසා තිබියදි මාතර හිරිකැටිය ප්‍රදේශයේ මුහුදු තීරය ආසන්නයේ ආපනශාලාවක නිති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් ඊයේ(31) රාත්‍රීයේ ගාල්ල සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත
.
ෆේස්බුක් සාදය සදහා තරණ තරුණියන් හා විදේශිකයන්ද සමගින් 70 ක් පමණ සිටි බවත් , ඹවුන් සියලු දෙනාම විදේශීය මත්පැන් පානය කරමින් සිටි බවත් සුරාබදු නිලධාරීන් පැවසුහ.
මෙහිදි නිති විරෝධී ලෙස ෆේද්බුක් සාදය පැවැත්වු සැකකරු අත්අඩංගුවට ගෙන සුරාබදු ඇපමත මුදාහැර තිබේ.
ඉදිරිියේදී ආදල සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිිමට නියමිතය.
දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී වසන්ත සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මංජුල ලියනආරච්චි මහතාගේ අධික්ෂණයෙන් , සුරාබදු පරීක්ෂකවරුන් වන ලක්ෂාන් පෙරේරා,අසංක කල්‍යානප්‍රිය, උදාර සම්පත්, සුරාබදු සැරයන් මේජර් විරාජ් හේමපාල, සුරාබදු කෝප්‍රල්වරුන් වන 980 ඉන්දික, 1108 හර්ෂනාත් සුරාබදු නියාමකවරුන් වන 1252 හසිඳු හා චරිත් හා සුරාබදු නියාමක රියදුරන් වන ලක්මාල් හා චන්දන යන නිලධරීහු මෙම වැටලීම් සිදු කළහ.
