Spread the love

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද (29) එම ප්‍රදේශයට යාමට නියමිතව තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කළේ එම ස්ථානයේ පවතින අවධානම අවම කිරීම සඳහා ආයතන රැසක් එක්ව විශේෂ වැඩසටහන් කිහිපයක් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන බවයි .

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ස්ථානයේ ඇති මතුපිට ජලය ඉවත් කිරීම සඳහා අද කටයුතු කරන බවත් අංශ කිහිපයක සහයෝගය මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවයි .