Spread the love

පුවත්පත් කලාවේදියෙක්, ප්‍රවීණ ලේඛකයෙක්, ග්‍රන්ථ ප්‍රකාශකවරයෙකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අද (05) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

හෘදයාබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 63 වැනි වියේ පසුවිය.

ප්‍රදීප් කුමාර බාලසූරිය විසින් ජනප්‍රිය නවකතා, ධනාත්මක චින්තන කෘති හා පරිවර්තන කෘති රැසක් ද රචනා කර ඇති අතර, දවස, දිවයින, අරලිය, සඳරේණු, සක්වල ආදී පුවත්පත් හා සම්බන්ධව කටයුතු කරමින් ඔහු පුවත්පත් කර්තෘවරයෙකු ලෙසද කටයුතු කළේය.

දේහය මේ වන විට ගම්පහ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන 07 වැනි ඉරිදා ගම්පහ – කසගහවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.