Spread the love

පිරිමි රිලවුන් වඳ බවට පත්කරන නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මීට අදාළ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයිද හෙතෙම පැවසීය.

රිලා ගහනය වැඩිවීමත් සමඟ දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන කෘෂිකර්ම ගැටළුවට විසඳුමක් ලෙස මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.