නිමල් රාජපක්ෂ-
කැලණි ගඟේ ඉහළ හා මධ්‍යම ජලාශ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 24 තුළ කැලණි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම අනතුරු ඇඟවීම ට අනුව දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශ සඳහා බලපැවැත්වේ.
කාලගුණ අනාවැකි අනුව තවදුරටත් අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, ගඟේ ජල මට්ටම ඉතා වේගයෙන් ඉහළ යා හැකි බව ද නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව, ගං ඉවුරු ආශ්රිත ප්‍රදේශවල පදිංචිකරුවන්, එම ප්‍රදේශවල ගමන් කරන රියදුරන් සහ මහජනතාව ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.
එමෙන්ම, ආපදා කළමනාකරණ අංශ සහ අදාළ රාජ්‍ය ආයතන අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද දැනුම් දී ඇත. ජනතාව නිල නිවේදන පිළිපදිමින් ආරක්ෂිතව කටයුතු කිරීම මෙම අවස්ථාවේදී අතිශයින් වැදගත් වේ.
