Spread the love

කීර්තිමත්ව කාර්යක්ෂමව කටයුතු කලා . ඔහු රාජ්‍ය සේවකයින්ට ආදර්ශමත් ලෙස දේශණ පැවැත්වුවා. නමුත් කුමාර ජයකොඩිට නඩු පවරණ මේ අවස්ථාවේ දී රංග දිසානායක අධ්‍යක්ෂජනරාල්වරයා අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි රංග දිසානායක මහත්තයාගෙන් අහන්න කැමති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට මේ සම්බන්ධව නඩු පවරනවාද නැද්ද යන්න රටට හෙළි කරන්න.

අපට ලැබී තියෙන තොරතුරු අනුව නම් කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම වැලැක්වීම සම්බන්ධව රංග දිසානායක මහත්තයාව කිසියම් අදෘශමාන හස්තයකින් හසුරුවන බවය. කුමාර ජයකොඩි මහත්මයා සම්බන්ධ ලිපි ගොනුව බහා තබන්න නඩු පවරන එක වලක්වන්න කියලා. ඒ නිසා රංග දිසානායක මැතිතුමනි ,දැන් මාසයක් ගතවෙලත් ඔබතුමන්ගේ මේසය මත එම ලිපි ගොනුව දුවිලි වදිමින් තියාගන්න අවශ්‍ය නෑ. කරුණාකාරලා නඩු පවරලා ඔබතුමාගේ අපක්ෂපාත්තවය, සුජාතබාවය රටට ඔප්පු කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.