Spread the love

2024 වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වීමටත් එතෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමටත් රජය සූදානම් වෙමින් ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සතිඅන්ත පුවත්පත් වාර්තා කරයි.
ඒ අනුව ලබන වසරේ මුල ජනාධිපතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ රජයේ ඉහළ පිරිසට දැනුම්දී ඇතැයි ද සඳහන්ය.

පාර්ලිමේන්තු රැස්වීමේදි හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකදීද ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ලබන වසරේ මුල් කාලයේ ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසයි.

එසේ වුවත් දැනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට කිසිදු තැනක ඔහු සඳහන් කරන්න නැතැයිද වාර්තා වල සඳහන් වේ.

කෙසේ නමුත් පළාත් පාලන නියෝජිතයන් අටදහසක් සහිතව පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම අසීරු බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.