Spread the love

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනවිට අධ්‍යනය කරමින් සිටියි.

මාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්  කමිටු යෝජනා සමාලෝචනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කරන බව ලේකම්වරයා පැවසීය.
ඊට කැබිනට් මණ්ඩලය ලබා දෙන තීන්දුවෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරනු ඇත‍
දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කර එහි පාඩුව අවම කිරීම සඳහා මෙම ප්‍රතිව්‍යුහගතකරණ සැලස්ම ක්‍රියාත්මක වනුු ඇතිබව වැඩිදුරටත් පැවසීය.