Spread the love

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස් පන්දහසක දීමනාව ඉල්ලමින් සිදු කරන වැඩ වර්ජනය පසුපස ජනාධිපති කාර්යාලයේ ඇතැමුන් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙයි.

වෛද්‍යවරුන්ගේ දීමනාව කැබිනට් මණ්ඩලයෙන් අනුමත කිරීමෙන් පසු ඒ මොහොතේමද ‘හෙට වැඩ වර්ජනයකට බැහැපල්ලා’ යයි ජනාධිපති කාර්යාලයෙන්ම දුරකථන ඇමතුමක් ලැබුණු බව සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

ඒ අනුව පහුවෙනිදා එම වැඩ වර්ජනය ආරම්භ වූ බවද ඔහු පැවසීය.

බාල බෙහෙත් නිසා රෝගීන් මිය යන බවට පසුගියදා කිඹුල් කඳුළු හෙලූ වෘත්තිය සමිති අද කරන්නේද වැඩ වර්ජනය කරමින් ඊටත් වඩා රෝගී ජීවිත අවදානමේ හෙළිමක් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.