Spread the love

වැට් බද්ද වැඩි කිරිම ඇතැම් දේශපාලන පක්ෂ මාධ්‍ය උපයෝගි කරගනිමින් ජනතාව කුලප්පු කිරිමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඩි.බි.හේරත් මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍ය ඩි.බි.හේරත් මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය විසින් ඉදි කරන ලද කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක් විවෘත කිරිමේ උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය ඩි.බි.හේරත් මහතා කියා සිටියේ

ලංකාවට අවශ්‍ය බිත්තර නිෂ්පාදනය කරන්න අමාත්‍යංශය මැදිහත් වෙලා තියෙනවා , ඒ සදහා අවශ්‍ය සියළුම පහසුකම් සපයලා තියෙනවා.

දිනකට ලක්ෂ අසුවක් පමණ බිත්තර අවශ්‍යයි , ඒ ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනිමේ හැකියාවක් අපිට තිබුණා, පසුගිය කාලයේ මුහුණ දුන්න ආර්ථික ගැටළු එක්ක කර්මාන්ත අර්බුධවලට මුහුණ දුන්නා.

ප්‍රශ්නෙට විසදුම් දුන්නා අපි එකින් එක , නමුත් බලාපොරාත්තු වුණු අස්වැන්න ලැබුණේ නැ , ඊට පස්සේ තමයි ඇමතිවරයා ජනතාවට අවශ්‍ය බිත්තර ලබාදෙන්න පිටරටින් ආනයනය කරේ.

මේකෙන් බලාපොරත්තු වෙන්නේ සහන මිලට ජනතාවගේ ප්‍රෝටින් අවශ්‍යතාවය ලබාදෙන්න.

බිත්තර ආනයනය හැමදාම සිදුකරන්නේ නැ , බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදිලා තියෙනවා ඉක්මණින් බිත්තරවලින් ස්වයංපෝෂිත වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බලයට එනවිට 18% බද්ද , එතුමා ඒක 8% දක්වා පහල දැමිමා, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා ඒක 15% දක්වා වැඩි කලා , දැන් ඒක 18% කලා 3% කින් තමයි වැඩි වෙන්නේ.

සමහර දේශපාලන පක්ෂ මාධ්‍ය හරහා මේවා කියලා ජනතාව කුලප්පු කරන්න තමයි හදන්නේ යනුවෙන් පැවසිය.