Spread the love

පලෙයි පොලිස් බලප්‍රදේශයේදී මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වූ රජ්‍ය නොවන සංවිධාන සේවකයින් පිරිසකට පොළව යට තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් සමග නිලඇඳුමක් හමුවී ඇත.

මුහමලෙයි ප්‍රදේශයේ යුදසමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වන රාජ්‍ය නොවන සංවිධානයකට අයත් සේවකයින් පිරිසක් විසින් බිම්බෝම්බ ඉවත්කරමින් සිටියදී මෙලෙස මිනිස් අස්ථි කොටස් හමුවී ඇති අතර එහිදී ඒ පිළිබඳව පලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල ස්ථනයට පැමිණ පරික්ෂණ සිදුකරන ලදි.

එහිදී පොළව යට තිබී තවත් මිනිස් අස්ථි කොටස් හා යුදසමයේදී පලඳින ලද නිලඇඳුමකට සමාන ඇඳුමක්ද තිබී සොයාගනු ලැබීය.

පසුව ඒ පිළිබඳව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්මාද් ජෙමිල් මහතා අදාල ස්තානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකොට 29 වන සඳුදා අදාල ස්ථනයේ වැඩිදුර කැනීම් සිදුකරන ලෙසට නියෝග කරන ලදි.