Spread the love


නිමල් රාජපක්ෂ-


අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ග ජ ලයෙන් යටවි ඇති බැවින් මිනගයා හා උදයදේවි දුම්රියයන් හතරක් අද(11) සහ හෙට(12) දිනයේත් අවලංගුව කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් අද ( .11) දින රාත්‍රී 07.15 ට කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන ”මීනගයා ”රාත්‍රී තැපැල් දුම්රිය හා මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රිය දෙක දිනයෙත් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇත.

ඊයේ දින ද මෙම දුම්රිය දෙක අවලංගු වූ අතර 2024.01.12 වන දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.05 ට මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන ”උදය දේවී සීඝ්‍රගාමී” දුම්රිය ද මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත