Spread the love

රන්මිණිතැන්න , ගල් ආර ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි ගොවියෙකුට වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි .

අද (27) අලුයම 2 ට පමණ සිදුවූ වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිස්සමහාරාම ,රන්මිණිතැන්න පදිංචිව සිටි එච්.ඩී.චන්ද්‍රදාස නමැති 62 හැවිරිදි තැනැත්තෙකි .
ඔහු තමන් වගා කල හේන වන සතුන් ගෙන් බේරා ගැනීම සදහා පැල් රකිමින් සිටියදී හේනට පැමිණි වන අලියා පලවා හැරීමට තැත් කර ඇති අතර එවිට වන අලියා ගොවියාට පහරදී ඇතැයි පොලිසිය කියයි .
තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි