Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ දිවයින පුරා 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවය.

සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බව ද  අනුරාධ සෙනෙවිරත්න මහතා පැවසීය