Spread the love

නිමල් රාජපක්ෂ

සයිබ අපරාධ කිරිම සදහා වීනයේ සිට මෙරටට පැමිණි යුවළකයේ ඇදුම් අස්සේ සගවා තිබු රුපියල් 5,140,000/ ක් වටිනා ජංගම දුරකථන හා බැටරි තොගයක් ගුවන් තොටුපල රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල යුවල සතුව තිබී සයිබර් මූල්‍ය අපරාධ සදහා ගෙන එන ලදැයි සැක කෙරෙන සම්පූර්ණ ජංගම දුරකතන ප්‍රමාණය 87 ක් හා බැටරි 140 ක් ද සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත.

35 හැවිරිදි චීන ජාතිකයෙකු UL 6017 “ චයිනා ඊස්ටර්න්” ගුවන් යානයෙන් චීනයේ ශැන්හායි සිට පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කීරීමට නොමැති ” හරිත මාර්ගයෙන්” පිටව යාමට තැන් කිරීමේදි , තීරැ බදු සාප්පු වලින් ලබාගත් ටොෆි චොකලට් දැමූ කවර අතර තිබූ ටියුලිප් වර්ගයේ කවරය තුල ඇත්තේ කුමක් දැයි රේගු නිළදාරීන් විමසා ඇති අතර එම කවරයද තීරැ බදු සාප්පුවකින් ලබා දුන් බව එම චීන ජාතිකයා පවසා ඇත.

ඒ පිළිබද ගුවන්තොටුපල රේගු නිළදාරීන්ට ඇති වූ සැකයක් මත එම ටියුලිප් කවරය පරීක්ෂා කිරීමේදී ටොෆි චොකලට් වලින් වසා තිබූ ජංගම දුරකතන හමු වී ඇති අතර
තවදුරටත් ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු ඇද සිටි ජැකට්ටුව වටා සගවාගෙන සිටි තවත් ජංගම දුරකතන තොගයක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

ඒ සමගම ඔහු සමග පැමිණි 34 හැවිරිදි චීන ජාතික කාන්තාවගේ කකුලේ මේස් තුල සගවා තිබූ සහ 35 හැවිරිදි අනෙක් චීන ජාතිකයාගේ ගමන් මල්ල තුල සගවා තිබූ තවත් ජංගම දුරකතන සහ බැටරි තොගයක් සොයා ගැනීමට ගුවන් තොටුපල රේගු නිලධාරීන්ට හැකියාව ලැබිණි.