මුල්කිරිගල , ගුණරත්න
යල කන්නයේ වී මිළ දී ගැනීම හෙට (03) ආරම්භ කරන බව වි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.
ඒ අනුව
නාඩු වී කිලෝ එකක් රුපියල් 120 ට ත්
සම්බා වී කිලෝ එකක් රුපියල් 125 ට ත්
කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් 132 ට ත් මිල දී ගැනීමට නියමිතයි..
ඒ සඳහා රුපියල් බිලියන හයක් වෙන්කර ඇති අතර මඩකලපුව , අම්පාර , මුලතිව් දිස්ත්‍රික්කවල වී අස්වනු නෙලීමට මේ වන විට ආරම්භ වී අති අතර පළමුව එම දිස්ත්‍රික්ක වල වී මිල දී ගැනීම ආරම්භ කරන බවත් ඒ සඳහා වී ගබඩා සුදානම් කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
