Spread the love

ෆින්ලන්තයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ජාතික සභාග පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මැතිවරණයෙන් පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පරාජය පිළිගන්නා එරට අගමැති සන්නා මරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වන සදහන් කර තිබෙනවා.

මේ වන විට මැතිවරණයේ සියයට 93යි දශම 4ක ඡන්ද ගණන් කර අවසන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තු ආසන 200න් ආසන 48ක ජයක් මේ වන විට ජයග්‍රහණය කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉදිරියෙන් සිටින පක්ෂ තුනට සියයට 20ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන අතර, කිසිදු පක්ෂයටකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.