Spread the love

නිමල් රාජපක්ෂ-

ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්දිනක් තුළදී වාර්තාගත ආදායමක් , එනම් රුපියල් බිලියන 1.1ක මුදලක් ලබා ගැනීමට සුරාබදු දෙපාර්තුමේන්තුව සමත්වු බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.

එනම් මේ මස 28 වැනිදින ශ්‍රී ලංකාවේ සියළුම මත්පැන් නිෂ්පාදනාගාරවලින් එකතු කර ගන්නා ලද සුරාබදු ආදායම රුපියල් බිලියනය ඉක්මීම තුළිණි.එදිනට එකතු කර ගන්නාලද සමස්ත ආදායම රුපියල් බිලියන 1.1 ක් වීම ඉතිහාසයේ ප්‍රථම වතාවට යි මෙතරම් මුදලක් එක්දිනක් තුළ එකතු කර ගැනීමට හැකියාව ලැබුණේ යැයිද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

2023 වසර සදහා එකතු කර ගත යුතුවු සුරාබදු ආදායම වුයේ බිලියන 180 ක් . මෙම මුදල එකතු කර ගැනිම සදහා සුරාබදු නිවාඩු දියන් නොවු .එනම් මත්පැන් හල් වසා තැබීමට නියමිත දිනයන් නොවු සෑම දිනයකදීම එක් දිනක් සදහා රුපියල් මිලියන 500 ක පමණ ආදායමක් රජය වෙනුවෙන් එකතු කර ගැනිමට සුරාබදු දෙපාර්තුමේන්තුවට පැවරී තිබිණ.

මේ රාජකාරිය සදහා දිවයින පුරා මත්පැන් නිෂ්පාදනාගාරවලට අනුයුත්ත කරනු ලද ස්ථිරවම නිරතවු නිලධාරීන් කණ්ඩායම් එම නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම සිය අධීක්ෂණ කටයුතු ඉටුකරමින් එම නිෂ්පාදනය කරනු ලබන සෑම මත්පැනක් තුළින්ම රජයට අයවියයුතු බදු මුදල් නියමිත පරිදි අයකර දීම සදහා අවශ්‍ය පියවර ගත් බවද පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා ,