Spread the love

පසුගිය සතියට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයට වඩා රුපියලේ අගය ශක්තිමත්වී ඇති බව මෙරට ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයක අද දිනයේ ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව පෙනී ගොස් තිබෙනවා.

හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.310ක් ලෙස සටහන්ව තිබෙන අතර විකිණුම් මිල රු. 325ක් වේ.

කොමර්ෂල් බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 310.05ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් මිල සටහන් වන්නේ රු.327.50ක් ලෙසයි.

සෙලාන් බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් අගය අද දිනයේ රු. 311ක් ලෙසත් විකිණුම් මිල රු.329ක් ලෙසත් සටහන්ව ඇත.

මහජන බැංකුව විසින් අද දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 309.66ක් ලෙසත් විකිණුම් මිල රු.331.96ක් ලෙසට සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.313.29ක් ලෙසත් විකිණුම් මිල රු. 330.56ක් ලෙසත් සටහන් කර ඇත.