Spread the love

නිමල් රාජපක්ෂ-

අධිවේගී මාර්ගයට මුදල් වැයකලාක් මෙන් දුම්රියට පවතින රජයන් හරි ආයෝජකයන් හරි මීට කලින් මුදල් වැය කලානම් අදවනවිට ජනතාවට නවීන තාක්ෂණික ක්‍රමෝපායක්ගෙන් සමන්විත විශාල වශයෙන් ආදායම් උපයාගත හැකි හොද පහසුකම්සහිත දුම්රිය සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබලිව් බණ්ඩාර මහතා පැවසුවේය.
දුම්රියේ වර්ණ සංඥා පද්ධිතියේ සිට දුම්රිය මාර්ගය දක්වාවු සියළුම දේවල් අද වනවිට අලුත්වැඩියා කිරීමට සිදුවී ඇත. හොද දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සදහා ඉදිරියේදී දුම්රියට ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇත. ඒ අනුව බොහොමයක් දුම්රිය මාර්ග ද්විත්ව දුම්රිය මාර්ග බවට පත් කලයුතුයි. එම ක්‍රියාවලියත් සමගින් කටුනායක ගුවන්තොටුපල ඇතුළටම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කල යුතුවෙයි.මෙතෙක් දුම්රියට ලබා දී තිබෙන්නේ තාවකාලික විසදුම්ය .නමුත් දුම්රියට දීර්ඝකාලින විසදුම් ලබාදීමෙන් හොද ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකිවනු නොඅනුමානයි.


උඩරට දුම්රිය ධාවනයේදී නුවරට දිනකට මගීන් ලක්ෂ තුනකට වැඩියෙන් පැමිණෙති .නමුත් දුම්රියෙන් මගීන් දහදාහක්වත් එන්නේ නැත. නුවර කටුගස්තොට,වත්තේගම ,ගම්පොල යන දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ගයක් ඉදිකොට ඉදිරියේදී මගීනට ‍හොද දුම්රිය සේවාවක් ලබා දිය යුතුයි. මීට අමතරව දුම්රිය ස්ථාන අසළ තිබෙන දුම්රිය ඉඩම් වලින් ආයෝජනයක් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් දියත් කළ යුතුයි.ඒතුළින් දුම්රියට හොද ආදායම් මාර්ග උපදවා ගනිමින් දුම්රිය ස්ථාන පුද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන නවීකරණය කිරීම තුළින් ද ආදායම් උපදවා මගිීනට හොද දුම්රිය සේවාවක් ලබාදීමට හැකිවන බවද පැවසුවේය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගමනා ගමන එන්.ජේ.ඉදිපොලගේ මහතා ,යන මහත්වරු සිළුමිණ මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර ,ශ්‍රී රාජ් මාධ්‍යවේදී නිමල් රාජපක්ෂ යන අයසමගින් පැවැති සාකච්ජාවකදී මේ කරුණු අනාවරණය කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙසේද පැවසුවේය