Spread the love

වන සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා බදින තුවක්කු දෙකක් ලග තබාගත් සැකකරුවෙකු ඊයේ (24) සවස කැබැල්ලකැටිය ප්‍රදේශයේදී වලස්මුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිීරීමේදී තිබී නීති විරෝධී මත්පැන් (කසිප්පු ) මිලි ලීටර් 1500 ක් සහ පෙරණ උපකරණද සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත.
සැකකරු වලස්මුල්ල කැබැල්ලකැටිය ,කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි අයකු බවත් ,ගොවිතැන් කරන මුවාවෙන් මත්පැන් ජාවාරමද ඉතා රහසිගතව සිදු කරන ‍බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි
වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිළධාරින් මෙම වැටලීම සිදු කළහ.