Spread the love

ගටා පර්චා’ / Para Rubber
(Palaquium gutta)


Sapotaceae ශාක කුලයට අයත් මෙම ගසෙහි නම මැලේ භාෂාවෙන් ‘ගටා ‘ යන්නෙහි රබර් කිරි/ගම් යන තේරුම ඇතිව වන අතර, ‘පර්චා’ යනු ගසේ දේශීය නාමයෙන් සෑදුනකි.
මීටර් 35ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ මෙම විශේෂය ස්වභාවිකව මැලේසියා අර්ධද්වීපය, සිංගප්පූරුව, සුමාත්‍රා සහ බෝර්නියෝ හි පහත්බිම් වනාන්තරවල දක්නට ලැබේ.


ශාක පත්‍ර ද්‍රාවක හෝ උණු ජලයෙන් නිස්සාරණයෙන් මෙම රබර් වැනි ද්‍රව්‍ය ලබා ගනී. මෙම ද්‍රව්‍ය රබර් වලට වඩා ප්ලාස්ටික් වල ලක්ෂණ දරන අතර, රත් වූ විට මෘදු වීමත්, සිසිල් වූ විට දැඩිවන ස්වභාවයත් හේතුවෙන් අච්චු සෑදීම සඳහා හොඳින් ගැලපේ.
1880 දී මෙම ශාක පේරාදෙණිය සහ හෙනරත්ගොඩ උද්‍යාන දෙක තුළින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අතර දැනට ශාක කිහිපයක් උද්‍යානය තුළ සංරක්ෂණය වේ.
සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,

ජායාරූප – අයි.විජේරත්න

ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-